Friday, April 4, 2014

උඹ මගේම දුව

උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන.

සති අන්ත ඉරිදා සන්ධ්‍යාවේදී මම අත්‍යාවශ්‍ය කළමනා කීපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි. තනිව යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින් එල්ලී සිටියාය. තරමක් විශාල වෙළඳසැලේ ඒ මේ අත සෙනග සැරි සරති. මා බඩු ගන්නා අතරේ දියණිය මගේ සුලැඟිල්ල අතහැර ඇය රිසි තැන්වල ඇවිද්දාය. සියලුම දෙනා මා හඳුනන බැවින් මම ඈ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූයෙමි.

මොහොතකින් බලනවිට පෙනෙන මානයක දියණිය සිටියේ නැත. මම තරමක කලබලයෙන් විපරම් කළෙමි. දුටු දසුනින් මම ඇවිලී ගියෙමි. ඇය වෙළඳසැල කොනේ වූ කුඩා බංකුව මත වාඩි වී මහා බර කල්පනාවකය. ඇයගේ දෙනෙත් තිබුණේ ඇගේ වයසේම තවත් දැරියක් ළඟය. මම මොහොතක් ඇය දෙස බලා උන්නෙමි. ඇය ඇගේ කුඩා මිරිවැඩි සඟල දෙස බැලුවාය. එහි තැන තැන මඩ තැවරී දුර්වර්ණ වී ගොස් තිබුණි. රුපියල් සීයකට මීට බොහෝ කලකට පෙර අරන් දුන් එය දැන් බොහෝ පැරණිය. පොහොසත් දැරිය උජාරුවෙන් ශබ්ද නගන ඇගේ පාවහන් යුවල එහා මෙහා කළාය. ක්‍රමයෙන් රතු පැහැ වන පුංචි මුහුණේ තරු කැටවන් දිළිසෙන නෙත් සඟලේ හැඟුම් තේරුම් ගන්නට මා අපොහොසත්ය. එක්කෝ ඒවා තේරුම් ගන්නට මා බියය. පුංචි සිඟිති දියණිය මේ මිනිසුන් අතර තනිවී සිටින්නා සේ මට පෙනේ.

ඇය මගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඒ පුංචි දෙනෙත් මහමග යන පොඩි උන් ලඟ නතර වෙයි. වාහනවල ගැටෙයි. සතුටින් සිනහවන ළදරු සිනාවන් හා එක් වී සිනාසෙයි. දෙවියනි.. ඇය දන්නේ මොනවාද... ජීවිතයේ කටුක බව පපු කැනැත්තේ ඇතුළතින්ම විඳ දරා ගන්නා දුප්පත් මට ඇය වෙනුවෙන් ලොවක් තැනිය හැකිද..? ඒ පුංචි දෙනෙත් ළඟ මා කවරදාටත් වඩා දුප්පතෙකියි මට දැනේ.

අපට තිබුනේ සරල සුගම ළමා වියකි. ඒ කුරුම්බැට්ටි මැෂිමේ සුරතල් ළමා විය අද ලැප්ටොප් පරිගණකයක් දක්වා විකාශනය වී තිබේ. මා තවමත් සිතන්නේ මගේ දියණියට බෝරිච්චි අත් දැමූ ගවුමක් ඇති කියාය. රබර් සෙරෙප්පු දෙකක් ඇති කියාය. මට වඩා වාසනාවන්ත පියවරුන් තම දරුවන් උදෙසා වත්කම් සරි කරද්දී ඒ හා සැසඳෙන්නට මගේ හිඟන ජීවිතයට නොහැකි වූයේ ඇයි..? දියණියගේ මුව දකිද්දී මට අර මහා දුප්පත්කම අසරණකම දැනෙන්නේ ඇයි..?

"අපි යමු රත්තරං පැටියෝ.."

ඇය දැහැනින් මිදුණාය. ඒ ඇද ගත් සුසුම පුංචි ළය මඩලට බර වැඩි බව මම හොඳටම දනිමි. ඇය ඉපදීමට පෙර මා මීට වඩා ශක්තිමත්ව හිඳින්නට තිබිණ. එක්කෝ දුප්පත් මට දාව උපදින්නට තරම් අවාසනාවක් ඇගේ දෛවයේ නොතිබෙන්නට තිබිණ. ජීවිතයේ දුක අනෝරාවක්ව මගේ හිස මතට කඩා වැටෙද්දී අසරණ දෑතින් මා ඇගේ හිස වසාගන්නට තැත් කරන අසරණ තාත්තා කෙනෙකි. මේ අනෝරාවෙන් ඇයද පීඩා විඳින බව මම දනිමි. නමුදු කාටත් ජීවත් වන්නට අපහසු මේ නපුරු ආර්ථිකයෙන් මා කියා කුමක් කරන්නද... මේ කටුක යථාර්ථයට නිහඬව මුහුණ දෙන පියවරුන් අප අතර කොතෙක් නම් ඇත්ද..?

"තාත්තේ"

"ඇයි පැටියෝ?"

"මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ"

මම අලුතෙන් ඇවිළී ගියෙමි. ගෙන ආ රුපියල් පන්සියයෙන් ඉතිරිව තිබුණේ හරියටම රුපියල් හතලිහකි. ඇය කඩපලේදී දුටු මිරිවැඩි සඟලක්, බෝනික්කෙක් හෝ වෙනයමක් ඉල්ලුවොත්?

"මොනවද රත්තරං පැටියො..?"

"රටකජු ගොට්ටක්.." ඇගේ මුලු වතම සඳ වතක් සේ පිපී ඇත.

මහ මග නොබලා ඇයව බදාගෙන ලෝකයටම ඇසෙන සේ කෑ ගසා අඬන්නට මට සිතෙයි. අපටත් වඩා මේ කිරි කැටියා අපේ ජීවිත තේරුම් ගෙන ඇතිද..?

උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන. මතක තියාගන්න, මේ තාත්තා මැරෙන්න මොහොතක් තියල හරි මගේ රත්තරං පැටියට සතුටින් ඉන්න ලෝකයක් හදල දෙනවා. මං දන්නව ඔය පුංචි පපුව ඇතුලෙ හිර කරගත්තු දුක එදාට මහවැලිය වගේ ගලනවා.

"ඔබහට ලෝකය ඉදිකර දී මිස මට යා නොහැකිය පුංචි පුතුන්" කියා මහගම සේකරයන් ලියා තැබුවේ දරුවන් ළඟ තාත්තලාට දැනෙන ඒ මහා අසරණකම සහ ආදරය නිසා විය යුතුය.

ෆේස්බුක් අවනඩුව..


මෑත බාගයේ අපේ රටේ බාලිකාවෝ තිදෙනෙක් හා යොවුන් විවාහයක කාන්තාවක්  ෆෙස්බුක් සබදතා හරහා මතු වූ ගැටලු හේතු කොටගෙන දිවිනසා ගත්හ. මේ මරණ ෆෙස්බුක් ඝාතන ලෙස නම් කෙරුණ අතර මේ මරණවලට ජනමාධ්‍යවලින්ද විශාල ප‍්‍රචාරනයක් ලැබිණි. විශේෂයෙන්ම කුරුණෑගල ප‍්‍රදේශයේ බාලිකාව ගේ මරණයට  ජනමාධ්‍ය තුලින් විශාල ප‍්‍රසිද්දියක් ලබා දෙන ලදි. එයට එක් හේතුවක් වූයේ එම මරණය උද්ඝෝෂණ කිහිපයකට මගපාදා තිබීමයි. එම දැරිය මිය ගියේ ෆේස්බුක් හි පළ වූ ජායාරූපයකට විදුහල්පතිවරයා කළ අවවාදයක් දරාගන්නට නොහැකිව යැයි කියවේ. මේ මරණ වලට වගකිව යුත්තේ ෆේස්බුක් යැයි ස්ථිර ලෙසම නිගමනය කරමින්  ඇතැමුන් ෆේස්බුක් තහනම් කළ යුතු යැයි යෝජනා කරන්නට වුයේ මේ අතරතුරය. එක අතකින් නම් එය හාස්‍යට කරුණකි. උද්ඝෝෂණ පැවැත්විමද එතරම් අමාරු දෙයක් නොවේ. එහෙත් මේ කිසිවකින් ප‍්‍රශ්නයට විසදුමක් නොලැබේ. විනාශ වන්නේ තරුණ පරපුර විනා තිරසාර විසදුමකට පැමිණීමට සමත් වී නැත. මෙය ළමුන් සම්බන්ද ගැටලුවක් වන නිසාත් සමාජීය ගැටලුවක්ද වනවා නිසාත් අධ්‍යපනික ප‍්‍රවෙශයක් ඇති නිසාත් මේ සම්බන්දව විමසා බැලීම වැදගත් වනවා. සැමට විසදුමක් ලෙස ෆේස්බුක් තහනම් කිරීම පිළිගැනීමට හැකි කරුණක් නොවේ.ෆේස්බුක් ඔසසේ තොරතුරු දැනගැනීමේ හා සබදතා වර්ධනය කර ගැනීමේ ඉඩකඩ පවතී. උදාහරනයක් වශයෙන් කෘමිනාශක ගැන සිතන්න.  කෘමිනාශක නිපදවා ඇත්තේ ජිවිත හානිකර ගැනීමට නොවේ. ඒත් කිහිපදෙනෙක් හෝ ප‍්‍රශ්න වලට වැරදී ආකාරයෙන් විසදුම් සෙවිමට කෘමිනාශක උපයෝගි කොට ගන්නවා. නමුත් කෘමිනාශක තහනම් කල නොහැකිය. ළිං වලට පැන සියදිවි හානි කර ගැනීමද අසන්නට ලැබෙන කරුණකි.නමුත් මේ හේතුන් නිසා පානීය ජල ළිං වසා දැමීම කල නොහැක. මේ සංකීර්ණ ගැටලු වලට සරල උත්තර ගැලපෙන්නේ නැත. මෙය නව තාක්ෂණයේ වරදක් නොවේ. තාක්ෂණය ගැන නිසි ලෙස දරුවා දැනුවත් නොකර දරුවට තාක්ෂණය අතට දීමේ වරදයි. විසදුම ඇත්තේ දැනුවත් කරීම තුලයි. යම් අකාරයකින් ජනමාධ්‍යද වරදකරුවන් වේ. ජනමාධ්‍ය කල යුත්තේ මේ මරණ වාර්තා කිරිම පමනක් නොවේ. නිසි පරිදි දැනුවත් කිරීමේ කාර්යට උදව් දීමයි. නව සමාජ ජාල කෙරෙහි තරුණයන් තුල ඇති අනවබෝධයද මේ මරණ සියල්ලටම අඩු වැඩි වශයෙන් බලපා ඇත. ගුරුවරුන් මවුපියන් මෙන්ම දරුවන්ද නව සමාජ ජාල ඇතු`ඵ නව තාක්ෂණයන් ගැන පු`ඵල් අවබෝධයක් ලබා සිටිය යුතු වේ. රටකට  තාක්ෂණයක් හිමිවීමේදී ඒ තාක්ෂණය දරාගන්නට තරම් සංස්කෘතික පරිසරයක් ඒ රට තුල පැවතිය යුතුය. ෂුකර්බර්ග් ෆේස්බුක් නිර්මාණය කළේ නව සබදතා ගොඩනගා ගැනීමටත්  සබදතා පවත්වන්නන් අතර තොරතුරු හුවමාරු කරගන්නටත් ය. එය මිනිසුන් කප්පම් ගන්නටත් දිවිනසා ගන්නටත් භාවිත කිරීම ෂකර්බර්ග්ගේ වරදක් නොවේ.

Friday, November 29, 2013

පියවරුන් අතර සිටිනා නරුමයන්

ටොපියක් කෑවාට බෝතලයෙන් රෑගෙන
රතෑගිලි තුඩු කපා ඒ මත ලුනු දමන
පියවරු දාව දු දරුවන් ලබන
මව්වරු වෙසෙති මේ පින් බිම ලක් දෙරන

අසු පස් වියෑති ඒ වියපත් දුගී මව
එක්තෑන් වී ඈති ඒ යහන මත
 කාමී ඈස් ඈති ඔහු කවුරුද ඉපදුනු මෙලොව
මින්සකු නොවේ ඔහු පාපි නරුමයෙක



දඩුවම් ඈතිද මේ ලෝතල හිමි විය යුතු ඔවුන්හට
සිර ගෙවල් කුමට මේ පින් පුද බිමට
නොහෑකිද තුරන් කරනට මේ කුරිරු වෑඩ
වඩිනට හෑකිද බෝ සමිදුනි යලිත් මේ බිමට

බහ තොරන අතර සුලගිල්ලෙහි වෙලුනා
පා නෑග අනතුරුව දුර ගමනක යෙදුනා
අත දුන් බුදු පියා නිබදව සිහි කෙරුනා
 පතනෙමි මෙවන් පියවරු ලොකෙට අද නෑතුවා

නිතරම නොපෙන් වුවත් ඔබේ ආදරය
එය මහමෙරක් බව මා දනි නිසකවම
පෙර මග පිනක් කර ඈත මා ලබනට ඔබව
පියානෙනි සුකී දීගායුතෝ බව!

Monday, November 25, 2013

life is too precious..............

ඇසි දිසි ලොව

ලෝ සිතියමේ අබ ඇටයක හැඩය දෙන 
මෙය පිං බිමකි බෝ සත් උතුමන් වැඩිය 
උරුමලු හෙළ ,බොදු,සිහල සංස්කෘතිය 
එනමුදු කිමද ඇසි දිසි දෑ දිනෙන් දින 

අද ඉපදුනු කිරි කැටි ඇගේ දරුවාව 
මව මේ ඇතර යන්නේ කුණු ගොඩ අසල 
නැතිද සෙනෙහෙ මවකට දරුවන් සතුව 
ඇතිනම් සෙනෙහෙ මේ පසු පස ඇති පුවත කීම 

දල්වා පහන් අස්සක් මුල්ලක් නෑර 
පතුරා හතර අත තබමින් ගුණ ආර 
කරනා කුපාඩි කම් නොදනී ජන ආර 
කුමකට මෙවන් දේශ පාළුවන් මේ රටට 

බිහි කරමින් තම නැණයෙන් දරුවන්ව 
මෙහෙකොට වියපත් ගුරු බවතුන් ඇත මෙලොව 
කළගුණ දත් දරුවන් දෝ මොවුන් තව 
යවති ගුරුවරුන් සිරගෙට ගෙන බලය පිය 

Sunday, November 24, 2013

හිරු නොදකින බිලිදා

තම කුස තුල පිලිසිදගන්නා දරුවා නිරොගි ස්වුක්ය සම්පන්න බිලිදකු ලෙස මෙලොව එලිය දෑකීම අප සෙවනේ නිතිපතා සන්‍රක්ශනය ලබන කන්තාවන්ගේ ඒකායන අරමුන වේ.නීරොගීව මෙලොව එලිය දකින එම බිලිදුන් දිනෙන් දින වර්දනය වී තම කුසලතා එලි දක්වන ආකාරය නරබන්නට සිහින දකින කා තුලත් ඈතිවන සතුට ප්‍රොබොදය විස්තර කිරීමට අප ශබ්ද් කොශයේ වචන ප්‍රමනාවත් මදිය.සමාජයට බිහි වීමට සිටින පුද්ගලයෙකුගේ එම අයිතිය නෑති කිරීම ආගමික සදාචාරාත්මක සහ නීත්ය්මය වශයෙන්ද බොහො සමජයන් ප්‍රතික්ශෙප කරති.එසේ වුවද එවනි දරු උපතක් සිදුවීම මගින් කාන්තවකට සිදුවිය හෑකි සෞක්ය්මය ගටලු මත ඒතේම් රටවල් ගබ්සා නීතිය විවිද ප්‍රමනයන්ගෙන් ලිහිල් කිරීමක් සිදුකොට ඈත.



                          ශ්‍රි ලන්කාවේ විවුර්ත රහසක් පවතින ගබ්සාව සමාජ ප්‍රශ්න සදහා කදිම නිදසුනකි.ශ්‍රි ලන්කවේ සමාජ සන්ස්කෘතිය ගොඩනෑගී ඈත්තේ දරුවන් බිහිකීරීමේ සාම්ප්‍රදායික සෑලසුමක් මතය.ගබ්සාව මගින් එම සාම්ප්‍රදායික රාමුව බිද දමනා බවක් පෙනීයයි. ශ්‍රි ලන්කවේ ගබ්සාව මවට දරු ගෑබ නිසා හානියක් නොවන සෑම අවස්තවකම නීති වීරොදිය.මේ නිසාම ගබ්සාවක් සිදුකරනු ලබන්නේ හොර රහසේයි.අනාරක්ශිත ක්‍රම හා ස්තාන යොදගෙන නුපුහුනු පුද්ගලයින් ගබ්සාකරනයේ යේදිම ශ්‍ර ලන්කාව පුරා සිදුවේ.මෑතකදි ද මේ පිලිබදව පුවත් පල විය.ගබ්සාව වුත්තීමය ආකාරයෙන් සිඩුකරගෙන් යන්නාවු ක්‍රියවලියක් වශයෙන් හෑදින්විමද නිවරදිය.එනම් ගබ්සා මද්යස්තන වෙත කාන්තවන් සපයන තරෞකරුවන් නිවාස කුලියට දෙන පුද්ගලයින්,අඩු පුහුනුවලත් හෙදියන් සහ සාත්තු සෙවකයන් මේ පිරිස අතර වේ.
                            ශ්‍රි ලන්කවේ සිදුවන 20% ක් පමන අව්වහාක ගබ්සාවන්ට බලපාන විවිද හේතුවේ.ලින්ගිකත්වය පිලිබද නොදනුවත්කම,ප්‍රෙම සම්බන්දතා,විවහකල් පමාව ආදි කරුනු මේ හා හදින්විය හෑකිය.
                         පියකු නෑති දරුවන්ට අප සමාජයේදි ඈති තක්සෙරුව ඉතාමත් පහත් මට්ටමක පවති.නමුත් බටහිර ලොකයේ මෙම තත්වය වෙනස්ය.ඈමරිකාව,ඒන්ගලන්තය වෑනි රටවල පියා නොමෑති දරුවන් හදා වඩා ගන්නා මෞවරුන්ට සමාජය අපවාද නොනෑගේ.එහේත් අප රටේ පියෙක් නෑතිදරුවකු දෙස මානුශිකව බලීමේ වාතාවරනයක් නොමෑති තරම්ය.මේ නිසාම ලන්කාව තුල කම්න්තවන් දරුගබ් ගබ්සාකිරීමට යොමු වීම තවත් ඒක් කරුනකි.ගබ්සාවට පිටු දෑකිමට නම් සමාජ දුශ්ටි කොනය සේම නීතියද උපකාර කරගෑනීම යොග්ය වේ.

Saturday, November 23, 2013

ස්බාවික මරනයට ප්‍රත්යි විරුද්ද වු දිවිය නසාගෑනිම සියදිවි නසාගෑනිමයි.

වෙනදා සුපුරුදු පරිදිම අදත් මම රෑ කෑමෙන් පසු හරියටම වෙලාව රාත්‍රි 8.00 ට රුපවාහිනිය ඉදිරියේ අසුන් ගත්තේ ලොකයේ වෙලා තියෙන්නේ මොනවද කියල හොයල බලන්න.පෑය බාගයක් ඈතුලත මා සමාජය දෙස කලකිරුනු මානසිකත්වයෙන් බලන පුද්ගලයෙක් බවට පත් කරන්න එම නාලිකාවේ පුවත් අන්ශයට හෑකියාව ලබුනායි කීම වරදි නෑත.දෑන් බොහොමයක් නාලිකා තුලින් සමාජ ප්‍රශ්න මාද්ය ඔස්සේ විසුරුවා හරින්නේ ඉතාමත් නිර්මානශිල්යි ආකාරයෙන් එකයි ගොඩාක් හදවත් මෙච්චර සන්වෙදි වෙන්නේ.ඒ කාරනාවෙත් කතා කල යුතු පෑති ගොඩක් තියනවා කියලයි.කොහොම උනත් එදා ඒ සන්වෙදි පුවතේ ප්‍රතිපලයක් හෑටියට මට සියඩිවි නසාගෑන්යිම පිලිබඩව අවබෝදයක් ලබගන්න හිතුනා.
    සියදිවි නසාගෑනිම වර්තමානයේ අද්විතිය ස්තානයකට පත්වි තිබෙනවායි මා පවසන්නේ ඉතාමත් උපහසයෙනි.ලොකයේ සියදිවි නසාගෑනිම ඒ ඒ රටවල මනො සාමජික ප්‍රශ්නයක්.ගොඩක් දියුනු රටවල් නම් මේ සම්බන්දයෙන් අවදානය යොමු කරලා තියනවා.මේක මානව සම්පත් පිලිබදවත් ජිවිතය පිලිබදවත් මුලික වුනු ගටලුවක් නිසා රටක සන්වර්දනයට රිජුවම බලපානවා කියලා කියන්න පුලුවන්.අපි සියදිවි නසාගනිම බෑහෑරකරන ක්‍රම රාශියක් තියනවා.පෑරනි අපරද නිතිය අනුවනම් නිතිය කඩ කිරිමක්,සදචරය අනුවනම් සද්දර්ම විරොදි ක්‍රියවලියක්,වෙදනවට දක්වන ප්‍රතිචරයක්,මෙ ආදි ලෙස දුක,වෙදනව,කලකිරිම,වේඉරය වගේ මනෝබාවයන් සම්මිශ්‍රනය වීමෙන් දිවිනසගෑනිම අතිවෙන්වායි කියන්න පුලුවන්.සියදිවි නසාගනිමේ ප්‍රවනතාවය වෑඩි රටවල් විදිහට බන්ගෙරියාව,පාකිස්තානය,නවසීලන්තය,චීනය,ඩෙන්මාර්,රුසියාව,පෝලන්තය,යුක්‍රේන් වගෙ රටවල් හ්දුන්වන්න පුලුවන්.එතකොට අපේ රට?ඔව් ස්‍රි ලන්කවත් එ ගොන්නටම අයිතිවෙන එකක් තමයි.
                                 සමාජ ප්‍රශ්න අතරින්
                                   1950 ඉදලා 1995 දක්වා කලයේදි තමයි වෑඩිම ගනනක් වර්තාවෙලා තියෙන්නේ.මේක ලන්කාවේ තරුන ප්‍රශ්නයක් විදිහටත් හඩුන්වන්න පුලුවන්.1980-1990 දශකය තුල මිනිස් ගාතන හා දිවිනසාගන්යීම් වේගයෙන් වෑඩි වු කාල පරිච්චෙදයක් විදිහට හදුන්වන්න පුලුවන්.මේකට ප්‍රදන හේතුව තමයි ලන්කාවේ එවකට පෑවති බිශනයයි.ඒකනම් අමුතුවෙන් මතක් කල යුතු කාරනාවකුත් නෙමේයි.කෙසෙ උනත් රටේ ඈති වු සාමකාමි වාතාවරනය නිසාත් දිවිනසා ගෑන්යිම් වලක්වීම සදහා මනො සාමජික වෑඩසටහන්,මනො විද්යා උපදෙශන වෑඩසටහන්,ප්‍රජා සව්ක්ය වර්දනය,ජනතව දනුවත් කිරීම ආදී සාදක හෙතුවෙන් අවමයකට පත්කරගන්නට හෑකියාව ලෑබිලා තියනවා.නමුත් සියදිවි නසාගෑනීම යලිත් සමාජගත කල යුත්තක් නම් නොවේ.

Thursday, August 1, 2013

පරිසරය

අතීතය
   
          සිහිල් සුලන් දස ඇත පැතිරී අගදවටේ
          විහාගුන්ගේ නාදයෙන් සවන පින වේ
          ගහ කොළ පල වලින් බරවී
          මානව වර්ගයාගේ කුස ගින්න නිවෙ
          සිතට සැනසුම බොහෝ ලැබේ
          මුලුදිවියම එලිය වේ


වර්තමානය
       
         නම්බු නම වලින්,බල තලවලින්
         මහා පොලව දෙදරේ
         ඒ අත්වලින්ම පරිසරය වැනසෙ
         තැන තැන ගස් කැපේ,ගංගා ඇල දොළ ගොඩ  දැමේ
         කන බොන දේටම වස දැමේ
         මේ තුලින් දිඋය්නුවේ මගම සොයා පියමනි
         එහෙත් පරිසරය වැනසේ


අනාගතය

         අනාගත පරපුරේ පොඩි උන්ටය මේ
         හඩනගා කියන්නේ
         රට බොහොම අසාරයි
        ඉන්නවුන්ගෙන් දුෂිතයි
        කලි කසල හැම තැන දමයි
        ලෙඩරෝග දස ඇත පැතිරයයි
        පිට රට දේවල්ම කයි
        ඒවා රට තුලම වමාරයි

Tuesday, July 30, 2013

ත්‍රස්තවාදී ක්‍රියාවක ප්‍රතිපල

මක්කමට හෝ වතිකානුවට බෝම්බ ගැහුවා නම් බුද්ධගයාව ආරක්‍ෂා කර ගැනීමට නොහැකි වීම ගැන ඉන්දියාව ලැජ්ජා විය යුතු යයි ජාතික හෙළ උරුමයත් කියනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂය පවසන්නේ පසුගිය කාලයේ තමිල්නාඩුවේත්, බුද්ධගයාවේත් ශ‍්‍රී ලාංකීක බෞද්ධයන්ට එල්ල වූ තර්ජන, ගර්ජන හා පහරදීම් ඉදිරියේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවත්, ප‍්‍රාන්ත ආණ්ඩුවත් හැසිරුණු ආකාරය අමතක නැති බව.

ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවාදරයට හා වන්දනාමානයට පාත‍්‍ර වූ ඉන්දියාවේ බුද්ධගයා හී මහාබෝධී විහාරයට ත‍්‍රස්තවාදී කණ්ඩායමක් එල්ල කළ බෝම්බ ප‍්‍රහාර වැල පිළිබඳ දැනගන්නට ලැබීමෙන් අප බලවත් සේ කම්පනයටත්, සංවේගයටත් පත් වුනා. මේ ම්ලේච්ඡු ප‍්‍රහාරය පිළිකුලෙන් හෙළා දකින අප මෙය දකින්නේ ලෝකවාසී බෞද්ධ ජනතාවට පමණක් නොව බෞද්ධයන්ගේ ආගමික ශාස්තෲවරයාණන්ට එල්ල කළ අධම, නින්දිත, අශිෂ්ඨ ප‍්‍රහාරයක් ලෙසිනි. බුදු දහමත් බෞද්ධයිනුත් අහිංසාව, මෛත‍්‍රීය, කරුණාව ගරු කරන එයින් පෝෂණය වුණු දහමකින් හික්මුණු සම්ප‍්‍රදායකට උරුමකම් කියන ආගමික සංස්කෘතියකි. බෞද්ධයන් වෙන කිසිඳු ආගමකට හිංසා කිරීමට හෝ අගෞරව කිරීමට වෙනත් ආගමික සංස්කෘතීන් ආක‍්‍රමණය කිරීමට කිසිදා කටයුතු කර නැ. බුදු දහම හිංසාව පිටු දුටු දහමකි. එහි ශාස්තෲවරයා බුද්ධත්වය ලබා ගත් ස්ථානයට එල්ල කල මේ ම්ලේච්ඡු ප‍්‍රහාරය ශිෂ්ඨ සම්පන්න සමාජයම පිළිකුලින් හෙළා දැකිය යුතුය. මෙවැනි ප‍්‍රහාරයක් කිතුණුවන්ගේ ජෙරුසෙලමට හෝ වතිකානුවට එසේ නැතිනම් මුස්ලිම්වරුන්ගේ මක්කමට හෝ අල් කබා දේවස්ථානයට එල්ල වූයේ නම් අද ලෝකයේ කවර තත්ත්වයක් ඇති විය හැකි ද? අවිහිංසාව, ඉවසීම, මෛත‍්‍රීය හා උපේක්‍ෂාව නිසා කිසිවෙකුට එරෙහිව හිංසන ක‍්‍රියාවල යෙදෙන්නට බෞද්ධයන් කටයුතු කර නැත. බුද්ධගයා හී මහා බෝධී විහාරයේ භාවනානූයෝගීව වැඩ සිටි භික්‍ෂුන් වහන්සේලාගේ ලේ සොලවා ඇති මෙවන් මොහොතක ඉන්දීය රජයේ වගකීම වන්නේ මෙම ප‍්‍රහාරය පිටුපස සිටින්නන් කවුදැයි නොවලහා හෙළිදරව් කිරීමත් ඒ අයට දඩුවම් ලබා දී  බුද්ධගයාවේත් එහි වැඩවසන , භාවනානුයෝගීව සිටින භික්‍ෂූන්ගේත්, වන්දනාකරුවන්ගේත් ආරක්‍ෂාව තහවුරු කිරීමයි. බුද්ධගයාවට මෙවැනි මුස්ලිම් අන්තවාදීන්ගෙන් තර්ජනයක් තිබෙන බව ඉන්දීය බුද්ධ අංශ වාර්තා කර තිබුණ ද එය වළක්වාලීම සඳහා අවශ්‍ය පියවර ගත නොහැකි වූයේ ප‍්‍රාන්ත ආණ්ඩු සතු පොලිස් බලතල නිසා ද ? එසේ නැතහොත් ඉන්දීය මධ්‍යම රජයේ ආරක්‍ෂක අංශවලට හෝ බුද්ධි අංශවලට ප‍්‍රාන්තවල ආරක්‍ෂක කටයුතු වලට මැදිහත් වීමට ව්‍යවස්ථානූකූලව ඉඩ ඇහීරී ඇති නිසාදැයි අපට පැහැදිලි කළ යුතුය. ඒ බලතලම ශ‍්‍රී ලංකාවේ පළාත් සභාවලට ලබා දෙන්නැයි ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින්නේ රටක ජාතික ආරක්‍ෂාවට ඇති ආදීනව සහ අනතුරු නොදැනදැයි අපි විමසා සිටිමු.
පසුගිය කාලයේ තමිල්නාඩුවේත්, බුද්ධගයාවේත් ශ‍්‍රී ලාංකීක බෞද්ධයන්ට එල්ල වූ තර්ජන, ගර්ජන හා පහරදීම් ඉදිරියේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවත්, ප‍්‍රාන්ත ආණ්ඩුවත් හැසිරුණු ආකාරය අපට අමතක නැ. ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට කිසිඳු පියවරක් ගැනීමට ද නොහැකි විය. එමෙන්ම පසුගිය දා හෙළිදරව් වුයේ එල්ටීටීඊ බෙදුම්වාදීන් හා කාශ්මීර බෙදුම්වාදීන් අතර සම්බන්ධයක් ඇති බවයි. එම සම්බන්ධය මත මුස්ලිම් අන්තවාදීන් එල්ටීටීඊ බෙදුම්වාදීන්ගේත් සහය ඇතිව බුද්ධගයාවට මෙම ප‍්‍රහාරය එල්ල කලේද? මේ පිළිබඳව වහාම සොයා බැලීමට ඉන්දීය ආරක්‍ෂක අංශ කටයුතු කළ යුතුය. වෙන රටවල අභ්‍යන්තර කටයුතුවලට අත පොවමින් එම රටවල  අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට, ආරක්‍ෂාවට මැදිහත්වීම් කරනවා වෙනුවට තම රට, තම රටේ භූමිය ත‍්‍රස්තවාදී කටයුතුවලට යොදා ගැනීමට ඉඩ ලබා නොදීමට ඉන්දියාව වග බලා ගත යුතු අතර ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත් බුද්ධගයාව ආරක්‍ෂා කර ගැනීමට තම රට තුළින් බිහි වූ අග‍්‍රගණ්‍ය ශාස්තෲවරයා බුද්ධත්වයට පත් ස්ථානය ආරක්‍ෂා කර ගැනීමට නොහැකි වීම පිළිබඳව ඉන්දියාව ලැජ්ජාවට පත් විය යුතු අතර තම වගකීම ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් නිහතමානීව සමාව ඇයදිය යුතුව ඇත. මෙම සංවේදී අවස්ථාවේ දී බෞද්ධයන් ලෙස ඉවසීමෙන් කටයුතු කරමින් ලෝකයටම ආදර්ශයක් ලබා දීමටත් අවිහිංසාවාදීව, කරුණාව, මෛත‍්‍රීය පෙරදැරි කරගෙන විරෝධය පළ කිරීමටත් අධීෂ්ඨාන කරගත යුතුය.