Friday, November 29, 2013

පියවරුන් අතර සිටිනා නරුමයන්

ටොපියක් කෑවාට බෝතලයෙන් රෑගෙන
රතෑගිලි තුඩු කපා ඒ මත ලුනු දමන
පියවරු දාව දු දරුවන් ලබන
මව්වරු වෙසෙති මේ පින් බිම ලක් දෙරන

අසු පස් වියෑති ඒ වියපත් දුගී මව
එක්තෑන් වී ඈති ඒ යහන මත
 කාමී ඈස් ඈති ඔහු කවුරුද ඉපදුනු මෙලොව
මින්සකු නොවේ ඔහු පාපි නරුමයෙක



දඩුවම් ඈතිද මේ ලෝතල හිමි විය යුතු ඔවුන්හට
සිර ගෙවල් කුමට මේ පින් පුද බිමට
නොහෑකිද තුරන් කරනට මේ කුරිරු වෑඩ
වඩිනට හෑකිද බෝ සමිදුනි යලිත් මේ බිමට

බහ තොරන අතර සුලගිල්ලෙහි වෙලුනා
පා නෑග අනතුරුව දුර ගමනක යෙදුනා
අත දුන් බුදු පියා නිබදව සිහි කෙරුනා
 පතනෙමි මෙවන් පියවරු ලොකෙට අද නෑතුවා

නිතරම නොපෙන් වුවත් ඔබේ ආදරය
එය මහමෙරක් බව මා දනි නිසකවම
පෙර මග පිනක් කර ඈත මා ලබනට ඔබව
පියානෙනි සුකී දීගායුතෝ බව!

Monday, November 25, 2013

life is too precious..............

ඇසි දිසි ලොව

ලෝ සිතියමේ අබ ඇටයක හැඩය දෙන 
මෙය පිං බිමකි බෝ සත් උතුමන් වැඩිය 
උරුමලු හෙළ ,බොදු,සිහල සංස්කෘතිය 
එනමුදු කිමද ඇසි දිසි දෑ දිනෙන් දින 

අද ඉපදුනු කිරි කැටි ඇගේ දරුවාව 
මව මේ ඇතර යන්නේ කුණු ගොඩ අසල 
නැතිද සෙනෙහෙ මවකට දරුවන් සතුව 
ඇතිනම් සෙනෙහෙ මේ පසු පස ඇති පුවත කීම 

දල්වා පහන් අස්සක් මුල්ලක් නෑර 
පතුරා හතර අත තබමින් ගුණ ආර 
කරනා කුපාඩි කම් නොදනී ජන ආර 
කුමකට මෙවන් දේශ පාළුවන් මේ රටට 

බිහි කරමින් තම නැණයෙන් දරුවන්ව 
මෙහෙකොට වියපත් ගුරු බවතුන් ඇත මෙලොව 
කළගුණ දත් දරුවන් දෝ මොවුන් තව 
යවති ගුරුවරුන් සිරගෙට ගෙන බලය පිය 

Sunday, November 24, 2013

හිරු නොදකින බිලිදා

තම කුස තුල පිලිසිදගන්නා දරුවා නිරොගි ස්වුක්ය සම්පන්න බිලිදකු ලෙස මෙලොව එලිය දෑකීම අප සෙවනේ නිතිපතා සන්‍රක්ශනය ලබන කන්තාවන්ගේ ඒකායන අරමුන වේ.නීරොගීව මෙලොව එලිය දකින එම බිලිදුන් දිනෙන් දින වර්දනය වී තම කුසලතා එලි දක්වන ආකාරය නරබන්නට සිහින දකින කා තුලත් ඈතිවන සතුට ප්‍රොබොදය විස්තර කිරීමට අප ශබ්ද් කොශයේ වචන ප්‍රමනාවත් මදිය.සමාජයට බිහි වීමට සිටින පුද්ගලයෙකුගේ එම අයිතිය නෑති කිරීම ආගමික සදාචාරාත්මක සහ නීත්ය්මය වශයෙන්ද බොහො සමජයන් ප්‍රතික්ශෙප කරති.එසේ වුවද එවනි දරු උපතක් සිදුවීම මගින් කාන්තවකට සිදුවිය හෑකි සෞක්ය්මය ගටලු මත ඒතේම් රටවල් ගබ්සා නීතිය විවිද ප්‍රමනයන්ගෙන් ලිහිල් කිරීමක් සිදුකොට ඈත.



                          ශ්‍රි ලන්කාවේ විවුර්ත රහසක් පවතින ගබ්සාව සමාජ ප්‍රශ්න සදහා කදිම නිදසුනකි.ශ්‍රි ලන්කවේ සමාජ සන්ස්කෘතිය ගොඩනෑගී ඈත්තේ දරුවන් බිහිකීරීමේ සාම්ප්‍රදායික සෑලසුමක් මතය.ගබ්සාව මගින් එම සාම්ප්‍රදායික රාමුව බිද දමනා බවක් පෙනීයයි. ශ්‍රි ලන්කවේ ගබ්සාව මවට දරු ගෑබ නිසා හානියක් නොවන සෑම අවස්තවකම නීති වීරොදිය.මේ නිසාම ගබ්සාවක් සිදුකරනු ලබන්නේ හොර රහසේයි.අනාරක්ශිත ක්‍රම හා ස්තාන යොදගෙන නුපුහුනු පුද්ගලයින් ගබ්සාකරනයේ යේදිම ශ්‍ර ලන්කාව පුරා සිදුවේ.මෑතකදි ද මේ පිලිබදව පුවත් පල විය.ගබ්සාව වුත්තීමය ආකාරයෙන් සිඩුකරගෙන් යන්නාවු ක්‍රියවලියක් වශයෙන් හෑදින්විමද නිවරදිය.එනම් ගබ්සා මද්යස්තන වෙත කාන්තවන් සපයන තරෞකරුවන් නිවාස කුලියට දෙන පුද්ගලයින්,අඩු පුහුනුවලත් හෙදියන් සහ සාත්තු සෙවකයන් මේ පිරිස අතර වේ.
                            ශ්‍රි ලන්කවේ සිදුවන 20% ක් පමන අව්වහාක ගබ්සාවන්ට බලපාන විවිද හේතුවේ.ලින්ගිකත්වය පිලිබද නොදනුවත්කම,ප්‍රෙම සම්බන්දතා,විවහකල් පමාව ආදි කරුනු මේ හා හදින්විය හෑකිය.
                         පියකු නෑති දරුවන්ට අප සමාජයේදි ඈති තක්සෙරුව ඉතාමත් පහත් මට්ටමක පවති.නමුත් බටහිර ලොකයේ මෙම තත්වය වෙනස්ය.ඈමරිකාව,ඒන්ගලන්තය වෑනි රටවල පියා නොමෑති දරුවන් හදා වඩා ගන්නා මෞවරුන්ට සමාජය අපවාද නොනෑගේ.එහේත් අප රටේ පියෙක් නෑතිදරුවකු දෙස මානුශිකව බලීමේ වාතාවරනයක් නොමෑති තරම්ය.මේ නිසාම ලන්කාව තුල කම්න්තවන් දරුගබ් ගබ්සාකිරීමට යොමු වීම තවත් ඒක් කරුනකි.ගබ්සාවට පිටු දෑකිමට නම් සමාජ දුශ්ටි කොනය සේම නීතියද උපකාර කරගෑනීම යොග්ය වේ.

Saturday, November 23, 2013

ස්බාවික මරනයට ප්‍රත්යි විරුද්ද වු දිවිය නසාගෑනිම සියදිවි නසාගෑනිමයි.

වෙනදා සුපුරුදු පරිදිම අදත් මම රෑ කෑමෙන් පසු හරියටම වෙලාව රාත්‍රි 8.00 ට රුපවාහිනිය ඉදිරියේ අසුන් ගත්තේ ලොකයේ වෙලා තියෙන්නේ මොනවද කියල හොයල බලන්න.පෑය බාගයක් ඈතුලත මා සමාජය දෙස කලකිරුනු මානසිකත්වයෙන් බලන පුද්ගලයෙක් බවට පත් කරන්න එම නාලිකාවේ පුවත් අන්ශයට හෑකියාව ලබුනායි කීම වරදි නෑත.දෑන් බොහොමයක් නාලිකා තුලින් සමාජ ප්‍රශ්න මාද්ය ඔස්සේ විසුරුවා හරින්නේ ඉතාමත් නිර්මානශිල්යි ආකාරයෙන් එකයි ගොඩාක් හදවත් මෙච්චර සන්වෙදි වෙන්නේ.ඒ කාරනාවෙත් කතා කල යුතු පෑති ගොඩක් තියනවා කියලයි.කොහොම උනත් එදා ඒ සන්වෙදි පුවතේ ප්‍රතිපලයක් හෑටියට මට සියඩිවි නසාගෑන්යිම පිලිබඩව අවබෝදයක් ලබගන්න හිතුනා.
    සියදිවි නසාගෑනිම වර්තමානයේ අද්විතිය ස්තානයකට පත්වි තිබෙනවායි මා පවසන්නේ ඉතාමත් උපහසයෙනි.ලොකයේ සියදිවි නසාගෑනිම ඒ ඒ රටවල මනො සාමජික ප්‍රශ්නයක්.ගොඩක් දියුනු රටවල් නම් මේ සම්බන්දයෙන් අවදානය යොමු කරලා තියනවා.මේක මානව සම්පත් පිලිබදවත් ජිවිතය පිලිබදවත් මුලික වුනු ගටලුවක් නිසා රටක සන්වර්දනයට රිජුවම බලපානවා කියලා කියන්න පුලුවන්.අපි සියදිවි නසාගනිම බෑහෑරකරන ක්‍රම රාශියක් තියනවා.පෑරනි අපරද නිතිය අනුවනම් නිතිය කඩ කිරිමක්,සදචරය අනුවනම් සද්දර්ම විරොදි ක්‍රියවලියක්,වෙදනවට දක්වන ප්‍රතිචරයක්,මෙ ආදි ලෙස දුක,වෙදනව,කලකිරිම,වේඉරය වගේ මනෝබාවයන් සම්මිශ්‍රනය වීමෙන් දිවිනසගෑනිම අතිවෙන්වායි කියන්න පුලුවන්.සියදිවි නසාගනිමේ ප්‍රවනතාවය වෑඩි රටවල් විදිහට බන්ගෙරියාව,පාකිස්තානය,නවසීලන්තය,චීනය,ඩෙන්මාර්,රුසියාව,පෝලන්තය,යුක්‍රේන් වගෙ රටවල් හ්දුන්වන්න පුලුවන්.එතකොට අපේ රට?ඔව් ස්‍රි ලන්කවත් එ ගොන්නටම අයිතිවෙන එකක් තමයි.
                                 සමාජ ප්‍රශ්න අතරින්
                                   1950 ඉදලා 1995 දක්වා කලයේදි තමයි වෑඩිම ගනනක් වර්තාවෙලා තියෙන්නේ.මේක ලන්කාවේ තරුන ප්‍රශ්නයක් විදිහටත් හඩුන්වන්න පුලුවන්.1980-1990 දශකය තුල මිනිස් ගාතන හා දිවිනසාගන්යීම් වේගයෙන් වෑඩි වු කාල පරිච්චෙදයක් විදිහට හදුන්වන්න පුලුවන්.මේකට ප්‍රදන හේතුව තමයි ලන්කාවේ එවකට පෑවති බිශනයයි.ඒකනම් අමුතුවෙන් මතක් කල යුතු කාරනාවකුත් නෙමේයි.කෙසෙ උනත් රටේ ඈති වු සාමකාමි වාතාවරනය නිසාත් දිවිනසා ගෑන්යිම් වලක්වීම සදහා මනො සාමජික වෑඩසටහන්,මනො විද්යා උපදෙශන වෑඩසටහන්,ප්‍රජා සව්ක්ය වර්දනය,ජනතව දනුවත් කිරීම ආදී සාදක හෙතුවෙන් අවමයකට පත්කරගන්නට හෑකියාව ලෑබිලා තියනවා.නමුත් සියදිවි නසාගෑනීම යලිත් සමාජගත කල යුත්තක් නම් නොවේ.

Thursday, August 1, 2013

පරිසරය

අතීතය
   
          සිහිල් සුලන් දස ඇත පැතිරී අගදවටේ
          විහාගුන්ගේ නාදයෙන් සවන පින වේ
          ගහ කොළ පල වලින් බරවී
          මානව වර්ගයාගේ කුස ගින්න නිවෙ
          සිතට සැනසුම බොහෝ ලැබේ
          මුලුදිවියම එලිය වේ


වර්තමානය
       
         නම්බු නම වලින්,බල තලවලින්
         මහා පොලව දෙදරේ
         ඒ අත්වලින්ම පරිසරය වැනසෙ
         තැන තැන ගස් කැපේ,ගංගා ඇල දොළ ගොඩ  දැමේ
         කන බොන දේටම වස දැමේ
         මේ තුලින් දිඋය්නුවේ මගම සොයා පියමනි
         එහෙත් පරිසරය වැනසේ


අනාගතය

         අනාගත පරපුරේ පොඩි උන්ටය මේ
         හඩනගා කියන්නේ
         රට බොහොම අසාරයි
        ඉන්නවුන්ගෙන් දුෂිතයි
        කලි කසල හැම තැන දමයි
        ලෙඩරෝග දස ඇත පැතිරයයි
        පිට රට දේවල්ම කයි
        ඒවා රට තුලම වමාරයි

Tuesday, July 30, 2013

ත්‍රස්තවාදී ක්‍රියාවක ප්‍රතිපල

මක්කමට හෝ වතිකානුවට බෝම්බ ගැහුවා නම් බුද්ධගයාව ආරක්‍ෂා කර ගැනීමට නොහැකි වීම ගැන ඉන්දියාව ලැජ්ජා විය යුතු යයි ජාතික හෙළ උරුමයත් කියනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂය පවසන්නේ පසුගිය කාලයේ තමිල්නාඩුවේත්, බුද්ධගයාවේත් ශ‍්‍රී ලාංකීක බෞද්ධයන්ට එල්ල වූ තර්ජන, ගර්ජන හා පහරදීම් ඉදිරියේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවත්, ප‍්‍රාන්ත ආණ්ඩුවත් හැසිරුණු ආකාරය අමතක නැති බව.

ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවාදරයට හා වන්දනාමානයට පාත‍්‍ර වූ ඉන්දියාවේ බුද්ධගයා හී මහාබෝධී විහාරයට ත‍්‍රස්තවාදී කණ්ඩායමක් එල්ල කළ බෝම්බ ප‍්‍රහාර වැල පිළිබඳ දැනගන්නට ලැබීමෙන් අප බලවත් සේ කම්පනයටත්, සංවේගයටත් පත් වුනා. මේ ම්ලේච්ඡු ප‍්‍රහාරය පිළිකුලෙන් හෙළා දකින අප මෙය දකින්නේ ලෝකවාසී බෞද්ධ ජනතාවට පමණක් නොව බෞද්ධයන්ගේ ආගමික ශාස්තෲවරයාණන්ට එල්ල කළ අධම, නින්දිත, අශිෂ්ඨ ප‍්‍රහාරයක් ලෙසිනි. බුදු දහමත් බෞද්ධයිනුත් අහිංසාව, මෛත‍්‍රීය, කරුණාව ගරු කරන එයින් පෝෂණය වුණු දහමකින් හික්මුණු සම්ප‍්‍රදායකට උරුමකම් කියන ආගමික සංස්කෘතියකි. බෞද්ධයන් වෙන කිසිඳු ආගමකට හිංසා කිරීමට හෝ අගෞරව කිරීමට වෙනත් ආගමික සංස්කෘතීන් ආක‍්‍රමණය කිරීමට කිසිදා කටයුතු කර නැ. බුදු දහම හිංසාව පිටු දුටු දහමකි. එහි ශාස්තෲවරයා බුද්ධත්වය ලබා ගත් ස්ථානයට එල්ල කල මේ ම්ලේච්ඡු ප‍්‍රහාරය ශිෂ්ඨ සම්පන්න සමාජයම පිළිකුලින් හෙළා දැකිය යුතුය. මෙවැනි ප‍්‍රහාරයක් කිතුණුවන්ගේ ජෙරුසෙලමට හෝ වතිකානුවට එසේ නැතිනම් මුස්ලිම්වරුන්ගේ මක්කමට හෝ අල් කබා දේවස්ථානයට එල්ල වූයේ නම් අද ලෝකයේ කවර තත්ත්වයක් ඇති විය හැකි ද? අවිහිංසාව, ඉවසීම, මෛත‍්‍රීය හා උපේක්‍ෂාව නිසා කිසිවෙකුට එරෙහිව හිංසන ක‍්‍රියාවල යෙදෙන්නට බෞද්ධයන් කටයුතු කර නැත. බුද්ධගයා හී මහා බෝධී විහාරයේ භාවනානූයෝගීව වැඩ සිටි භික්‍ෂුන් වහන්සේලාගේ ලේ සොලවා ඇති මෙවන් මොහොතක ඉන්දීය රජයේ වගකීම වන්නේ මෙම ප‍්‍රහාරය පිටුපස සිටින්නන් කවුදැයි නොවලහා හෙළිදරව් කිරීමත් ඒ අයට දඩුවම් ලබා දී  බුද්ධගයාවේත් එහි වැඩවසන , භාවනානුයෝගීව සිටින භික්‍ෂූන්ගේත්, වන්දනාකරුවන්ගේත් ආරක්‍ෂාව තහවුරු කිරීමයි. බුද්ධගයාවට මෙවැනි මුස්ලිම් අන්තවාදීන්ගෙන් තර්ජනයක් තිබෙන බව ඉන්දීය බුද්ධ අංශ වාර්තා කර තිබුණ ද එය වළක්වාලීම සඳහා අවශ්‍ය පියවර ගත නොහැකි වූයේ ප‍්‍රාන්ත ආණ්ඩු සතු පොලිස් බලතල නිසා ද ? එසේ නැතහොත් ඉන්දීය මධ්‍යම රජයේ ආරක්‍ෂක අංශවලට හෝ බුද්ධි අංශවලට ප‍්‍රාන්තවල ආරක්‍ෂක කටයුතු වලට මැදිහත් වීමට ව්‍යවස්ථානූකූලව ඉඩ ඇහීරී ඇති නිසාදැයි අපට පැහැදිලි කළ යුතුය. ඒ බලතලම ශ‍්‍රී ලංකාවේ පළාත් සභාවලට ලබා දෙන්නැයි ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින්නේ රටක ජාතික ආරක්‍ෂාවට ඇති ආදීනව සහ අනතුරු නොදැනදැයි අපි විමසා සිටිමු.
පසුගිය කාලයේ තමිල්නාඩුවේත්, බුද්ධගයාවේත් ශ‍්‍රී ලාංකීක බෞද්ධයන්ට එල්ල වූ තර්ජන, ගර්ජන හා පහරදීම් ඉදිරියේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවත්, ප‍්‍රාන්ත ආණ්ඩුවත් හැසිරුණු ආකාරය අපට අමතක නැ. ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට කිසිඳු පියවරක් ගැනීමට ද නොහැකි විය. එමෙන්ම පසුගිය දා හෙළිදරව් වුයේ එල්ටීටීඊ බෙදුම්වාදීන් හා කාශ්මීර බෙදුම්වාදීන් අතර සම්බන්ධයක් ඇති බවයි. එම සම්බන්ධය මත මුස්ලිම් අන්තවාදීන් එල්ටීටීඊ බෙදුම්වාදීන්ගේත් සහය ඇතිව බුද්ධගයාවට මෙම ප‍්‍රහාරය එල්ල කලේද? මේ පිළිබඳව වහාම සොයා බැලීමට ඉන්දීය ආරක්‍ෂක අංශ කටයුතු කළ යුතුය. වෙන රටවල අභ්‍යන්තර කටයුතුවලට අත පොවමින් එම රටවල  අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට, ආරක්‍ෂාවට මැදිහත්වීම් කරනවා වෙනුවට තම රට, තම රටේ භූමිය ත‍්‍රස්තවාදී කටයුතුවලට යොදා ගැනීමට ඉඩ ලබා නොදීමට ඉන්දියාව වග බලා ගත යුතු අතර ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත් බුද්ධගයාව ආරක්‍ෂා කර ගැනීමට තම රට තුළින් බිහි වූ අග‍්‍රගණ්‍ය ශාස්තෲවරයා බුද්ධත්වයට පත් ස්ථානය ආරක්‍ෂා කර ගැනීමට නොහැකි වීම පිළිබඳව ඉන්දියාව ලැජ්ජාවට පත් විය යුතු අතර තම වගකීම ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් නිහතමානීව සමාව ඇයදිය යුතුව ඇත. මෙම සංවේදී අවස්ථාවේ දී බෞද්ධයන් ලෙස ඉවසීමෙන් කටයුතු කරමින් ලෝකයටම ආදර්ශයක් ලබා දීමටත් අවිහිංසාවාදීව, කරුණාව, මෛත‍්‍රීය පෙරදැරි කරගෙන විරෝධය පළ කිරීමටත් අධීෂ්ඨාන කරගත යුතුය.

Monday, July 29, 2013

තල්මසුන් අඩු වී හාල්මැස්සන් වැඩි වීම .


දේශගුණය වෙනස්වීම බලපෑම හේතුවෙන් ජලජ ජීවීන් ප්‍රමාණයෙන් කුඩා වෙම්මින් පවත්නා බව අද්යනයකින් හෙළිවේ.මත දශක කිහිපය තුල උෂ්ණත්වයට අනුලෝමව මසුන්ගේ කුඩා වීම සිදුවී ඇති බව නවතම අද්යනයකින් හෙළිවී ඇත.මෙම තත්වය සාගර ජීවීන්ට මෙන්ම මිරිදිය ජිවීන්ටද බලප ඇත.යුරෝපයේ ගංගා සහ මුහුදු ආශ්‍රිතව සිදුකරන ලද අද්යන වලින් හා ප්‍රකාශිත අද්යන වලින් ලබාගත් දත්ත ඔස්සේ මෙම තත්වය විස්ලේෂණය කර ඇත.මෙහිදී සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ කුඩා ශරීර සහිත  මසුන් ප්‍රමාණය ඉහල ගොස් ඊට සාපේක්ෂව විශාල ශරීර සහිත මසුන් ප්‍රමාණය අඩුවීමකි .කුඩා ශරීර සහිත මසුන් ප්‍රමාණය ඉහල යාමට හේතුව වන්නේ මත්ස්‍ය පරිසරයේ කුඩා ජීවීන්ගේ අනුපාතය වර්දනය වීම හෙවත් ජීවී විශේෂයක් තුල කුඩා ජීවීන්ගේ අනුපාතය ඉහලයාමකි.එය සිදුවන්නේ අඩු ශරීර ප්‍රමනයකදී ලිංගික පරිනතියට ලගාවීමට කුඩා ජීවීන්ට හැකියාව ලැබී ඇති නිසාය. මී ආකාරයෙන් ජීවීන් ප්‍රමාණයෙන් කුඩා වීම සදහා ජලය උෂ්නට්ජ්වය ඉහල යාම හේතුවී ඇති බව පෙන්වාදී තිබේ.
                                           මෙම තත්වය දීවර කර්මාන්තයේදී විවිද ගැටළු ඇතිකරයි. එම ගැටළු නම් එම කුඩා මසුන්ගේ ඇති වටිනාකම අඩු වීමට හේතු වේ .එසේම මසුන් කුඩා වීම නිසා සත්ව ජලවංග ආහාරයට   ගැනීම ඉහල යන අතර ඒ නිසා ඇල්ගී වරදානයක් ඇතිවිය හැක.එහිදී ඇතිවන බාහිර ගැටළුවක් වනුයේ ඇල්ගා වර්දන්යත් සමග මිරිදිය ජලාශ දුෂණය වීමකි''.prosidin of the national acadami of sciense'' හි පලවී ඇත. සාගර ප්‍රවාහ ලෝකයේ කාලගුණය සදහා වැදගත් වන අතර එවැනි වෙනසක් හදිස්සියේ හා  කෙටිකාලයක් තුල ඇති උවහොත් යුරෝපයේ සහ  උතුරු අර්ද ගෝලයේ  තවත් රටවල බරපතල වෙනස්කම් ඇතිවිය හැකිය.

Sunday, July 28, 2013

ඕසෝන් වියන විනාශ වීම හා දේශගුණ වෙනස්වීම්.


පෘතුවි ගෝලයට අවශ්‍ය තාපය ලබා දෙන්නේ සුර්යා මගිනි. සුර්යවිකිරණ පොලව තුලට පැමිනෙනේ වායුගෝලය හරහාය.සුර්යවිකිරණ ශාක ප්‍රජාවට හා සත්ව ප්‍රජාවට අහිතකර පාරජම්බුල කිරණ වලක්වනු ලබන්නේ ඉහල වායු ගෝලයේ ඇති ඕසෝන් වායුව මගිනි.එය අහිතකර සුර්ය්විකිරණ වලකන පෙනේරයක් ලෙස ක්‍රියාත්මක වේ.මෙය ඉහල වායු ගෝලයේ ස්තරයක්ව පවතී.

දේශගුණය වෙනස්වීම කෙරෙහි ඕසෝන් ස්තරය බලපාන බවට සාදක රැසක් මේ පිළිබද සිදුකර ඇති ප්ර්රේෂණ වලින් පෙන්වා දේ ඇත.ඒ අනුව හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහල යාම නිසා ඉහල වායුගෝලයේ පවතින ඕසෝන් වායු බහුල සතරගෝලය සිසිල් වීම සිදුවේ.මෙම සිසිල් වන ස්බවය නිසා ඕසෝන් ස්තරය සෙමෙන් විනාශ වේ.හරිතාගාර වායු පාලනය කල ඇතැම් ඕසෝන් වායු ස්තරය යත ස්බවයට පත් කල හැකිය. ඕසෝන් ස්තරය හානියට පත්වීම හේතුකොටගෙන ප්රුතුවිගොලයේ කාලගුණ දේශගුණ විපර්යාස රාශියක් සිදුවෙමින් පවතී.අසමන්න්‍ය සුලන් රටාව,පෘතුවියේ උණුසුම ඉහල යාම නිසා ග්ලැසියර් දීයවී මුහුදු  ජාල මට්ටම ඉහල යාම හා බැදී  අතුරු ප්‍රතිපල රාශියකට මුහුණ දීමට සිදුව ඇත.වර්ෂ පතන රුද්මයේ සිදුවී ඇති අසාමාන්‍ය තත්වයන් නිසා අදික වර්ෂාව පතිත වීම තදින් ගංවතුර තත්වයන් හා තඩි නියන් ස්වාබවයන්ට මුහුණ දීමට සිදුව ඇත.

ඒ අනුව ලෝකයේ සැම රටකම පහේ පසුගිය වසවර කිහිපය තුල තඩි දේශගුණික විපර්යස්ස වලට මුහුණ දීමෙන් විශාල සන්ක්යත ජිවිත ද මිලියන ගණනාවක දේපලද විනාශ විය.මෙම ව්‍යසන බහුල වශයෙන්ම සුම්ය කලාපයන් පිහිටි දියුණු රටවලට මුහුණ දීමට සිදුවිය.

වියන සම්මුතිය හා මෙට්ට්රියල් සන්දානය යටතේ ක්ලොරෝෆ්ලොරෝකබන් ඇතුළු ඕසෝන් වායුවේ විනාශයට හේතු වූ සංයෝග රැසක් බාවිතයෙන් ඉවත් කිරීම සදහා මී වනවිට ලෝකයේ රටවල් ගණනාවක්ම සාර්ථකව කටයුතු කරතිබීම සතුටට කරුනකි.

Saturday, July 20, 2013

ශ්‍රී ලංකාවේ ව්‍යසන ආකෘතිය

ශ්‍රී ලංකාවේ ව්‍යසන ආකෘතිය

ඉන්දියන් සාගරයේ පිහිටා ඇති කුඩා දිවයිනක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෝසම් දෙකකට නිරාවරණය වන අතර එමගින් විවිධ ස්වාභාවික උපද්‍රවයන්ට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිය. ශ්‍රී  ලංකාව වැඩි වශයෙන්ම මුහුණ දෙනු ලබන ස්වාභාවික උපද්‍රවයන් ද්විත්වය වන්නේ මෝසම් වැසි හේතුවෙන් ඇතිවන ගංවතුර හා නායයාම් තත්ත්වයන් හා මෝසම් වැසි පමාවීම හේතුවෙන් ඇතිව නියං තත්ත්වන් ය. එසේම  අකුණු, සමුද්‍ර ඛාදනය, බෝවන රෝග මෙන්ම පරිසර දූෂණය ආදී උපද්‍රවයන්ට ද ශ්‍රී ලංකාව මුහුණ දේ.
2004 වසරේදී ඉන්දියන් සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරය දැඩි විනාශයකට මුහුණ දුන් අතර එමගින් විවිධ ව්‍යසනයන් හට ලක්වීමට හා ඒවායෙන් පීඩාවට පත් වීමට ඇති වැඩි ඉඩකඩ මැනවින් ප්‍රදර්ශනය වේ.





ශ්‍රී ලංකාවේ විවිධ ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාව (1974 – 2004)
1974 – 2004 දක්වා කාලසීමාව තුළ ගංවතුර, නියං, සුනාමි, කුණාටු හා නායයාම් ආදී ස්වාභාවික ආපදාවන්ගෙන් ශ්‍රී ලංකාව විවිධ අවස්ථාවන්හිදී පීඩා විඳ ඇති අතර ඒ පිළිබඳ තොරතුරු පහත දැක්වෙන පරිදි සටහන් කළ හැකිය.