Saturday, July 20, 2013

ශ්‍රී ලංකාවේ ව්‍යසන ආකෘතිය

ශ්‍රී ලංකාවේ ව්‍යසන ආකෘතිය

ඉන්දියන් සාගරයේ පිහිටා ඇති කුඩා දිවයිනක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෝසම් දෙකකට නිරාවරණය වන අතර එමගින් විවිධ ස්වාභාවික උපද්‍රවයන්ට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිය. ශ්‍රී  ලංකාව වැඩි වශයෙන්ම මුහුණ දෙනු ලබන ස්වාභාවික උපද්‍රවයන් ද්විත්වය වන්නේ මෝසම් වැසි හේතුවෙන් ඇතිවන ගංවතුර හා නායයාම් තත්ත්වයන් හා මෝසම් වැසි පමාවීම හේතුවෙන් ඇතිව නියං තත්ත්වන් ය. එසේම  අකුණු, සමුද්‍ර ඛාදනය, බෝවන රෝග මෙන්ම පරිසර දූෂණය ආදී උපද්‍රවයන්ට ද ශ්‍රී ලංකාව මුහුණ දේ.
2004 වසරේදී ඉන්දියන් සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරය දැඩි විනාශයකට මුහුණ දුන් අතර එමගින් විවිධ ව්‍යසනයන් හට ලක්වීමට හා ඒවායෙන් පීඩාවට පත් වීමට ඇති වැඩි ඉඩකඩ මැනවින් ප්‍රදර්ශනය වේ.





ශ්‍රී ලංකාවේ විවිධ ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාව (1974 – 2004)
1974 – 2004 දක්වා කාලසීමාව තුළ ගංවතුර, නියං, සුනාමි, කුණාටු හා නායයාම් ආදී ස්වාභාවික ආපදාවන්ගෙන් ශ්‍රී ලංකාව විවිධ අවස්ථාවන්හිදී පීඩා විඳ ඇති අතර ඒ පිළිබඳ තොරතුරු පහත දැක්වෙන පරිදි සටහන් කළ හැකිය.

No comments:

Post a Comment