Monday, November 25, 2013

ඇසි දිසි ලොව

ලෝ සිතියමේ අබ ඇටයක හැඩය දෙන 
මෙය පිං බිමකි බෝ සත් උතුමන් වැඩිය 
උරුමලු හෙළ ,බොදු,සිහල සංස්කෘතිය 
එනමුදු කිමද ඇසි දිසි දෑ දිනෙන් දින 

අද ඉපදුනු කිරි කැටි ඇගේ දරුවාව 
මව මේ ඇතර යන්නේ කුණු ගොඩ අසල 
නැතිද සෙනෙහෙ මවකට දරුවන් සතුව 
ඇතිනම් සෙනෙහෙ මේ පසු පස ඇති පුවත කීම 

දල්වා පහන් අස්සක් මුල්ලක් නෑර 
පතුරා හතර අත තබමින් ගුණ ආර 
කරනා කුපාඩි කම් නොදනී ජන ආර 
කුමකට මෙවන් දේශ පාළුවන් මේ රටට 

බිහි කරමින් තම නැණයෙන් දරුවන්ව 
මෙහෙකොට වියපත් ගුරු බවතුන් ඇත මෙලොව 
කළගුණ දත් දරුවන් දෝ මොවුන් තව 
යවති ගුරුවරුන් සිරගෙට ගෙන බලය පිය 

No comments:

Post a Comment